Description
විසිවන සියවසේ ආරම්භයේ මෙක්සිකෝවේ ඩි ලා ගාර්සා පවුල තුළ, පවුලේ බාලම දියණිය වන ටීටාට තම ආදරය අත්හැර මව රැකබලා ගැනීමට සිදුවන්නේ පරම්පරාගත පවුල් සම්ප්රදායක් නිසාය. ඇගේ ආදරවන්තයා වන පේද්රෝ, ටීටාට සමීපව සිටීමේ අරමුණින් ඇගේ වැඩිමහල් සහෝදරිය සමඟ විවාහ වීමත් සමඟ ඇගේ ජීවිතය තවත් සංකීර්ණ වෙයි.
ටීටාගේ ආදරය, වේදනාව සහ ආශාව ඇය පිසින ආහාර සමඟ අසාමාන්ය ලෙස බැඳී යන අතර, ඒවා රසවිඳින අයගේ හැඟීම්වලට පවා බලපෑම් ඇති කරයි. ආහාර වට්ටෝරු හා පවුල් කතාවක් ඔස්සේ ආදරය, නිදහස, සම්ප්රදාය සහ කාන්තා ජීවිතය එකට ගෙතෙන Like Water for Chocolate, මායා යථාර්ථවාදයේ සුවිශේෂී රසයක් ගෙනෙන ජාත්යන්තරව ජනප්රිය නවකතාවකි.


Reviews
There are no reviews yet.