Description
නොබෙල් සාහිත්ය සම්මානලාභී වී. එස්. නයිපෝල්ගේ විශිෂ්ටතම නවකතා අතරට ගැනෙන A Bend in the River, නිදහසින් පසු විශාල වෙනස්කම්වලට මුහුණ දෙන අප්රිකානු රටක පසුබිමක දිගහැරෙන කතාවකි.
නැගෙනහිර අප්රිකානු වෙරළ තීරයේ ඉන්දියානු සම්භවයක් සහිත පවුලකින් පැවත එන සලීම්, තමන්ට උරුම වූ ජීවිතයෙන් ඈත්ව ගඟේ වංගුවක පිහිටි නගරයක වෙළෙඳසලක් පවත්වාගෙන යාමට පැමිණෙයි. එහිදී ඔහු වටා ඇති සමාජය දේශපාලන බල පෙරළි, අස්ථාවරත්වය සහ නව සමාජ පර්යායක් සොයා යන ගමනකට මුහුණ දෙයි.
පුද්ගල අනන්යතාව, යටත්විජිතවාදයේ උරුමය, බලය, නිදහස සහ සමාජ පරිවර්තනය පිළිබඳ ගැඹුරු ප්රශ්න මතු කරන “ගඟ නැගෙනහිරට”, ලෝක සාහිත්යයට ඇලුම් කරන පාඨකයන් සඳහා වැදගත් කියවීමකි.


Reviews
There are no reviews yet.